වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.
තුෂාර උපුල්දෙණිය – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=ZjumtY4_Le0″]
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැග ඊයේ (20) යළි විරෝධතාවක නිරත වුණා. ඔවුන්ව බන්ධනාගාරයේ වෙනත් ස්ථානවලට මාරු කිරීම හේතුවෙනුයි මෙම විරෝධතාව ආරම්භකර තිබුණේ. පසුව බන්ධනාගාර නිලධාරීන් බස්රථ මගින් ඔවුන් වෙනත් බන්ධනාගාර කිහිපයක් වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මේ අතර රැඳවියන් විරෝධතා සිදුකළද ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/E3XXCZ7ryHc”]
වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධතාව පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි හා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුස් අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/d_EPa3OQoLE”]