fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රථම අඹ අපනයන කලාපය ඇඹිලිපිටියෙන් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2018 12:01

ප්‍රථම අඹ අපනයන කලාපය ඇඹිලිපිටියෙන් ඇරඹෙයි

2025 පොහොසත් රටක් දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම අඹ අපනයන කලාපය ඇඹිලිපිටියේදී ආරම්භ කෙරුණා. සමාරම්භක වැඩසටහන පැවැත්වුණේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදීයි. ඒ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 40 ක ජීවත් වන අඩු ආදායම් ලාභී පවුල් දෙදහස් පන්සියයක් වෙනුවෙන් අඹ පැළ බෙදා දීම සිදුකෙරුණා.

මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රදේශය තුළ අඹ පැළ හැටපන්දහසක් රෝපණය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ වී අලෙවි මණ්ඩලයට අයත් වසා දමා ඇති ගබඩා සංකීර්ණය අඹ අස්වැන්න ගබඩා කර තැබීම සඳහා යොදා ගන්නා බවයි මෙහිදී අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළේ. පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ හා ජනතා නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2018 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්