fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බරපතල වංචා දූෂණ නඩු විභාග කරන පළමු විශේෂ මහාධිකරණය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2018 11:43

බරපතල වංචා දූෂණ නඩු විභාග කරන පළමු විශේෂ මහාධිකරණය විවෘත කෙරේ

බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු අධිකරණය අද විවෘත කෙරුණා. ඒ අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අධිකරණ අමාත්‍යාංශය මගින් මෙය නිල වශයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවට භාරදීමද සිදු කෙරුණා. ඉන් පසු මෙහි භාරකාරත්වය අගවිනිසුරුවරයා සතු වනවා. විශේෂ මහාධිකරණ පිහිටුවීමේ සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූයේ පසුගිය මැයි නව වනදායි.

මැයි 18 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබුවා. ඒ අනුව දූෂණ විරෝධී මහාධිකරණයේ අංක එක අධිකරණය පිහිටුවීමයි අද සිදු කෙරුණා. දණ්ඩ නීති සංග්‍රහට යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මහාධිකරණවලට බලය හිමිවනවා. අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාල පැමිණිලි විභාග කිරීම මෙම මහාධිකරණය තුළින් සිදු කෙරෙනවා.

රාජපක්‍ෂ පාලන සමයේදී තම පවුලේ සුඛ විහරණය වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිත වූ ආකාරය මේ වන විට සිදු කෙරෙන විමර්ශනවලින් හෙළිවෙමින් පවතිනවා. මිග් යානා ගනුදෙනුවේදී ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය සහ ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. දිවිනැගුම අරමුදලේ මුදල් අවභාවිත කළ බවට හා අයථා ලෙස දේපල මිලදී ගැනීම ගැන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට චෝදනා එල්ල වද්දී ඔහුගේ බිරිඳ වන පුෂ්පා රාජපක්‍ෂ මහත්මියට එල්ල වන චෝදනාව වන්නේ චීන සමාගමකින් මුදල් ලබා ගත් බවටයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2018 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්