fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලීසියේ තුන්දෙනෙකුට වැඩ වරදී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2018 10:35

පොලීසියේ තුන්දෙනෙකුට වැඩ වරදී

කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පානදුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුයි.

සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා. ඔවුන් අද දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2018 10:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්