fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු ජනාධිපතිට තම ආරක්ෂාව වෙනුවෙන් අමුතු කණගාටුවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2018 19:22

හිටපු ජනාධිපතිට තම ආරක්ෂාව වෙනුවෙන් අමුතු කණගාටුවක්

බුදු දහමට අද ලැබී ඇති තත්ත්වය කණගාටුවට කරුණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රතුපස්වල පැවති ජනහමුවක දී පවසා තිබෙනවා.

බුදු දහමට අද ලබා දී ඇති ස්ථානය ගැන කණගාටු වන හිටපු ජනාධිපතිවරයා තමන්ගේ ධූර කාලය තුළදී බොදු බල සේනා වැනි අන්තවාදී සංවිධාන පෝෂණය කිරීමට උපරිම දායකත්වය ලබා දුන් බව නොරහසක්. ගාල්ලේ පිලාන ප්‍රදේශයේ මෙත්සෙවන බෞද්ධ අධ්‍යාපන පීඨය විවෘත කළේ එවක රජයේ බලවතෙකු වූ ඔහුගේ සොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයි. ඒ සදහා ඔහුට ආරාධනා කර තිබුණේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේයි. උන් වහන්සේ මේ වන විට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වරදකරු වී සිරගතව සිටිනවා.

ඥානසාර ස්වාමීන් වහන්සේ පසුගිය ආණ්ඩු සමයේදීම අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ වරදකරු බවට පත් වුණා. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නායකත්වය දුන් බොදු බල සේනා සංවිධානය ඇතුළු අන්තවාදී සංවිධාන විවිධ ආගමික ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ පවා ශ්‍රී ලංකාව චෝදනාවට ලක් වුණා.

එවැනි නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ආගමික නායකයන් හා සිවිල් සංවිධාන දිගින් දිගටම ඉල්ලීම් කළද පසුගිය ආණ්ඩුව ඒ පිළිබද සැළකිල්ලක් දැක්වූයේ නැහැ. එහෙත් මෙම අන්තවාදීන්ම මහනුවර තෙල්දෙණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක පසුගිය මාර්තු මාසයේ ඇති කළ ගැටුම්වලදී ආණ්ඩුව වහා ක්‍රියාත්මක වුණා. ඒ අනුව එම ගැටුම්වලට සම්බන්ධ මන්ත්‍රීවරුන් පවා අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට හැකි වුණා. එසේ අත්අඩංගුවට පත් අය අතර සිටි මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයන් වීම විශේෂත්වයක්.

හිටපු ජනාධිපතිවරයා බුදු දහම ගැන රතුපස්වලට ගොස් කතා කරන්නේ මෙවැනි පසුබිමකයි. 2013 වසරේ අගෝස්තු දෙවැනිදා බොන්නට පිරිසිදු වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට ආරක්ෂක අංශ යොදවා වෙඩි තැබුවේත් හිටපු ජනාධිපතිවරයාගේ පාලනය පැවති සමයේදීයි. එම වෙඩි තැබීම සම්බන්ධයෙන් වගකිවයුතු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන විදේශ තානාපති සේවයට යැවීමටද හිටපු ජනාධිපතිවරයා මැදිහත් වුණා. මහනායක හිමිවරුන්ගේ ලිඛිත ඉල්ලීම් පවා ඉවත දමමින් තම පුතුන්ට දළදා මාළිගාව වටා රේස් පැදීමට ඉඩ පහසුකම් සැලසූ හිටපු ජනාධිපතිවරයා බුදු දහම පිළිබදව දැන් කණගාටු වන්නේ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව පැහැදිලි කරුණක්. නේෂන් පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර්ගේ පැහැරගැනීම ගැන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන් කළ ප්‍රශ්න කිරීම්වල සැබෑ තත්ත්වයෙන් ආරක්ෂා වීමට ඔහු මෙවැනි ප්‍රකාශ සිදු කරන්නේ ද යන්න පිළිබදව අවධානය යොමු වී තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2018 19:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්