අසීරු වසර තුනක් පසුකළ රජය වේගවත් සංවර්ධනයක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රැකියා විරහිත උපාධිධාරීන් හාරදහස් එකසිය දෙනෙකුට පත්වීම් පිරිනැමීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණා. සංවර්ධන නිලධාරීන් ලෙස බදවා ගත් මෙම පිරිස පුහුණු කිරීමේ කටයුතු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙනවා. නව පත්වීම්ලාභීන් වෙත ලිපි ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් අතින් සිදු කෙරුණා. 2025 වසර වන විට පොහොසත් රටක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාම, ගම්පෙරළිය සහ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු වැඩපිළිවෙළ වෙනුවෙන් නව පත්වීම්ලාභීන්ගේ දායකත්වය ලබා ගැනෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=3qlTwT0cmXU&feature=youtu.be”]
මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=nA_ML1Hh56U&feature=youtu.be”]