fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කසළ තේ තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2018 15:43

කසළ තේ තොගයක් අත්අඩංගුවට

ඉන්දීය කළු තේ ලෙස ඇසුරුම් කර රැගෙන යමින් තිබූ කසළ තේ තොගයක් උඩුනුවර වෙලම්බොඩ බඹරදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙලම්බොඩ පොලීසියයි වැටලීම සිදු කළේ. මෙම කසළ තේ තොගය විදේශගත කිරීම සඳහා කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ බව පොලීසිය පවසනවා. කිලෝ තුන්දහසකට ආසන්න කසළ තේ තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු හා ඒවා ප්‍රවාහනය කළ ලොරි රථය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම තේ තොගය ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් පරික්‍ෂාවට ලක් කර මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ ලෙස වාර්තා කර තිබූ තේ තොගයක් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2018 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්