fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයේ නව කැබිනට් මණ්ඩලය පත්කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2018 15:23

පාකිස්තානයේ නව කැබිනට් මණ්ඩලය පත්කෙරේ

පාකිස්තානයේ නව කැබිනට් මණ්ඩලය පත්කර තිබෙනවා. මෙම අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යවරුන් පහළොස් දෙනෙකු සහ උපදේශකයින් පස් දෙනෙකු ඇතුළත්.

ඉස්ලාමාබාද් නුවර පැවති උත්සවයක දී නව අග්‍රාමාත්‍ය ඉම්රාන්ඛාන් ඉදිරියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නා. නව අග්‍රාමාත්‍යවරයා පසුගිය සෙනසුරාදා දිවුරුම් දීම සිදු කෙරුණා. පසුගිය ජූලි මාසයේ දී පැවති මහ මැතිවරණයෙන් පී ටී අයි පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය හිමිවුණා. නව පාකිස්තාන කැබිනට් මණ්ඩලයේ පර්වේස් කාටක් ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් අසාද් උමර් මුදල් අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. ශා මෙහෙමුද් ක්වර්ෂි විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2018 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්