රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ සභාපති මෙන්ම අමාත්‍යාංශ කිහිපයකම හිටපු ලේකම්වරයෙකු වූ ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා අභාවප්‍රාප්ත වුණා.
හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 61 වැනි වියේ පසුවුණා. ආයතන කිහිපයකම ප්‍රධානත්වය දරා ඇති ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා මෙරට පරිපාලන ක්ෂේත්රයට ඉමහත් මෙහෙයක් ඉටු කළ පරිණත සහ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියෙක්. නිහතමානී රාජ්‍ය නිලධාරියෙකු ලෙස ප්‍රසාදයක් දිනා සිටි අභාවප්‍රාප්ත ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතාගේ දේහය පළිබද අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතයි.