දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අද රාත්‍රියේ සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සිහින් වැසි ඇති විය හැක.දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා තද සුළං ඇතිවිය හැකියි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර අද රාත්‍රියේ සිටයම් තරමක් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි ඇතිවේ.දිවයින වටා වනමුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමයි.මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ ත්‍රිකුණාමලය සිට මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 40-50ක් පමණ වන අතර විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එම මුහුදු ප්‍රදේශ රළු වන අතර විටින් විට ඉතා රළු විය හැක.සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන අතර විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී. එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක.ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.