පසුගිය ආණ්ඩුව විදේශවලින් ණය ලබාගෙන ඒවා වියදම් කරන ආකාරය දැන සිටිය ද ඉන් රටට ආදායම් උපයන ආකාරය පිළිබද දැනුමක් නොතිබූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙනවා. මහා පරිමාණයෙන් මුදල් වියදම් කර එවකට විවිධ ව්‍යාපෘති සිදු කළ ද ඒවා ගඟට කැපූ ඉණි මෙන් වීම කණගාටුවට කරුණක්.
පසුගිය පාලන සමයේ ලබා ගත් විදෙස් ණයවලින් විවිධ ව්‍යාපෘති සිදු කළ ද ඒවායේ කිසිදු කළමනාකාරිත්වයක් හෝ ප්‍රතිලාභයක් නොතිබූ බව මේ වන විට පැහැදිලියි. පසුගිය ආණ්ඩුවට කිසිදු ආර්ථික කළමනාකාරිත්වයක් නොතිබූ බවට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා චෝදනා කළා. ඒ මහනුවර පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
අමාත්‍ය පාඨලී චම්පික රණවක,
[ot-video type=”youtube” url=”https://youtu.be/4yWt3Wakjfw”]
මේ අනුව පැහැදිලි වන්නේ රාජපක්ෂ පවුලේ මූලික අරමුණ තම පවුල වටා රදවා තබා ගැනීම බවයි. ඒකාබද්ධය වටා සිටින නායකයින් වහලුන් බවට පත්ව ඇති අතර ඔවුන්ට එම වහල්භාවයෙන් මිදීමට ද කාලය එළඹ ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මහින්ද රාජපක්ෂ මහතා තම පෞද්ගලික ලේකම්වරයාව පසුගියදා මාධ්‍ය ඉදිරියේ අසරණ කළ ආකාරය ඊට කදිම උදාහරණයක්.
බලය නොමැතිව සිටියදී තමා වටා සිටින්නන්ට සලකන්නේ මෙසේ නම් බලය ලැබුණු දිනක කෙසේ කටයුතු කරනු ඇත්දැයි යන්න සැබින්ම ප්‍රශ්නාර්ථයක්.