fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෙලින් කියන්න බස්නාහිරින් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2018 19:30

කෙලින් කියන්න බස්නාහිරින් ඇරඹෙයි

මත්ද්‍රව්‍ය නිවාරණය සදහා ග්‍රාමීය කමිටු බලගන්වන නියමු ව්‍යාපෘතිය වන කෙලින් කියන්න වැඩසටහන බස්නාහිර පළාතෙන් අද ආරම්භ වුණා. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය /අග්‍රාමාත්‍ය කාර්යාලය සහ පොලිස් මූලස්ථානය එක්වයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මත්ද්‍රව්‍ය නිවාරණය සහ ඒ ආශ්‍රිත අපරාධ මැඩ පැවැත්වීම සදහා පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මීගමුව/ කැළණිය සහ ගම්පහ පොලිස් කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින් නව වැඩසටහන ආරම්භ කෙරුණේ දිවුලපිටිය ප්‍රදේශයේදීයි. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්.  ග්‍රාම නිළධාරී වසම් එකසිය හැත්තෑ හතක ග්‍රාමීය මත්ද්‍රව්‍ය කමිටුවල සාමාජිකයන් මීට සහභාගී වුණා.

නීති විරෝධී මත්ද්‍රව්‍ය මත්පැන් පිළිබද තොරතුරු අද සිට පහත සදහන් දුරකතන අංක ඔස්සේ දැනුම්දිය හැකියි. ඒ අනුව ගම්පහ – 071 32 10 001 දුරකතන අංකයටත්/ මීගමුව – 071 36 80 001 දුරකතන අංකයටත් / කැළණිය – 071 35 80 001දුරකතන අංකයටත් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙහෙයවීමෙන් යුත් විශේෂ පොලිස් ඒකක වෙත දැනුම් දිය හැකියි. මීට අදාළ වෙබ් අඩවිය හා ෆේස් බුක් පිටුවද මෙහිදී හදුන්වා දුන්නා. කෙලින් කියන්න වයාපෘතියේ පළමු දුරකතන ඇමතුම ලබා ගැනීම සිදු කළේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතායි. මෙම ව්‍යාපෘතිය තවත් පළාත් කිහිපයක කඩිණමින් ආරම්භ කරන බව මෙහිදී ප්‍රකාශ කළා.

පූජිත් ජයසුන්දර -පොලිස්පති,

බස්රථවල දුරකතන අංක ප්‍රදර්ශනය සදහා අදාළ ස්ටිකර් පොලිස්පති වෙත මෙහිදී භාර දුන්නා. මත් ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ සය වැදෑරුම් ක්‍රියාවලිය සහිත කමිටු යෝජනාවද පොලිස්පතිවරයා වෙත පිළිගැන්වුණා. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ප්‍රතිඥාව ලබා දීමට පැමිණ සිටි සියළු දෙනා එක් වුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2018 19:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්