fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට ගෙවුණු වසර තුනේ රජය කැපවුණා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2018 17:43

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමට ගෙවුණු වසර තුනේ රජය කැපවුණා

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර රටේ පුරවැසියන්ට උපරිම බලය ලබා දී ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීමට වත්මන් රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඉඩම් ඔප්පු දස ලක්‍ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ කෑගල්ල ප්‍රදේශයේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙහිදී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ වත්මන් රජය බෙර නොගසන,වැඩ කරන රජයක් බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

මැතිඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීම ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සහසක් නිෂ්පාදන ව්‍යාපාරවලින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සමාජ / ආර්ථිකය බල ගැන්වීමේ මෙහෙයුම යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කාර්යාලය විවෘත කෙරුණේ ද අග්‍රාමාත්‍යවරයා අතින්. එහි වෙබ් අඩවිය විවෘත කිරීම ද මෙහිදී සිදුකෙරුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නව ව්‍යවසායකයින්ට ණය ලබා දීම සිදුකෙරුණේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2018 17:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්