fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මට සමාව දෙනවාද?

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2018 15:50

මට සමාව දෙනවාද?

වැරදි කරන එක මනුෂ්‍ය ගතියක්. සමාව දෙන එක දේව ගතියක් කියලා කතාවක් තියනවනේ.එත් ඉතිං දෙවියෝ වෙන්නත් හැමෝටම බැහැනේ. මම මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන නම් නෙවෙයි. මම කියන්න යන්නේ මරියෙල් හෙලර් (Marielle Heller)අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය ගැනයි.ඒ මේ වසරේ දී තිරගත වීමට නියමිත Can You Ever Forgive Me?  සිනමාපටය ගැනයි. මෙය Nicole HolofcenerJeff Whitty දෙපළ විසින් ලියූ පිටපතකට අනුව නිර්මාණය වූවක්.

මාධ්‍යවේදියකු සම්බන්ධයෙන් වූ සත්‍ය කතාවක් තේමා කරගනිමින් නිර්මාණය වූ මෙය කුතූහලය පිරුණු සිනමාපටයක් වූ මෙය විනෝදාත්මක නිර්මාණයන් ලෙසයි ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන්නේ. Melissa McCarthy, Richard E. Grant, Jane Curtin, Jennifer Westfeldt, Dolly Wells ඇතුළු ප්‍රකට රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.

Amy NauiokasAnne CareyDavid Yarnell යන අය විසින් නිෂ්පාදන දායකත්වය ලබාදෙන   මෙම සිනමාපටය 2018 ඔක්තෝබර් 19 වැනි දා සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමටයි සැළසුම් කර තිබෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2018 15:50

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo