fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැටන් නුවරඑළිය මාර්ගයේ ගමනාගමනයට බාධා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2018 14:56

හැටන් නුවරඑළිය මාර්ගයේ ගමනාගමනයට බාධා

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර තිබෙනවා. හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සෙන්ට්ක්ලෙයාර් දිය ඇල්ලේ නැරඹුම් ස්ථානය අසල පිහිටි පස් කන්දක් මෙසේ කඩා වැටී තිබෙනවා. එම ස්ථානයේ තිබූ බස් නැවතුම්පොළට ද ඉන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු එක් මංතීරුවකට පමණක් සීමා කිරීමට ද කටයුතු කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණය හා ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2018 14:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්