දේශිය අර්තාපල් සදහා මෑත ඉතිහාසයේ ඉහළම මිළ මෙවර යල කන්නයේ ලැබි ඇති බව ගොවීන් පවසනවා. ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි අපෙක්ෂාවෙන් දේශිය අර්තාපල් සදහා මිළක් නොමැති බව පවසමින් ගොවි ජනතාව නොමග යැවීමට උත්සාහ කළ බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
වැලිමඩ, ඌව පරණගම, කැප්පෙට්ටිපොල, බොරලන්ද සහ බෝගහකුඹුර ආදි ප්රදේශවල අර්තාපල් වගාව බහුලව සිදු කෙරෙනවා. එම ප්රදේශවල අර්තාපල් අස්වනු නෙලීම මේ වන විට ආරම්භ වි තිබෙනවා. මෙවර කන්නයේ අර්තාපල් කිලෝවක් රුපියල් එකසිය පනහත් එකසිය හැටත් අතර ඉහළ තොග මිළකට අලෙවි කිරිමට ගොවින්ට අවස්ථාව උදා වී තිබෙනවා. රජය ආනයනික අර්තාපල් සදහා ඉහළ බදු මුදලක් පැනවීම හේතුවෙන් මෙසේ දේශිය අර්තාපල් සදහා ඉහළ මිලක් ලැබි ඇති බවද ගොවින් පවසනවා. දේශිය අර්තාපල් මිළ ඉහළ යාමත් සමග මෙවර කන්නයේ අතමිට සරු වූ ගොවින් රජයට සිය ප්රසාදය පළ කළේ මේ අයුරෙන්.
[ot-video type=”youtube” url=”https://youtu.be/WzBqnLF1-ic”]
මේ අතර දේශිය අර්තාපල් අස්වනු හෙක්ටයාර දෙදහස් හත්සියක් පමණ මෙවර වෙළෙදපොලට පැමිණිමට නියමිත බව කෘෂිකාර්මික අංශ සදහන් කරනවා.