fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් පාලමක් කඩා වැටීමෙන් මියගිය අයට රාජ්‍ය ගෞරව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 14:46

ගුවන් පාලමක් කඩා වැටීමෙන් මියගිය අයට රාජ්‍ය ගෞරව

ඉතාලියේ අධිවේගී ගුවන් මාර්ගයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයන් දහඅට දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. පසුගිය අගහරුවාදා ඉතාලියේ ජෙනෝවාහි අධිවේගී මාර්ගයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිස්නවදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පස් දෙනෙකුගේ තත්ත්වය තවමත් බරපතළ බවයි එරට වාර්තා සදහන් කරන්නේ. මියගිය පිරිසෙන් දහඅටදෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා. එය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් ආකාරයෙන් පවත්වන ලෙසයි ඉතාලි ජනාධිපති සර්ජීයෝ මතරැල්ලා උපදෙස් දී ඇත්තේ. කෙසේ වෙතත් ඉතාලි රජයට විරෝධය පළ කිරිමේ අදහසින්  අවමංගල්‍ය උත්සවය සදහා  මියගිය අයගේ ‍ ඥාතීන් සහභාගි නොවන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 14:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්