fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර සයිටීස් සමුළුව ලබන වසරේ ශ්‍රී ලංකාවේ දී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 13:05

ජාත්‍යන්තර සයිටීස් සමුළුව ලබන වසරේ ශ්‍රී ලංකාවේ දී

ජාත්‍යන්තර සයිටීස් සමුළුව ලබන වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාක හා සත්ව විශේෂ සංරක්ෂණය සදහා ජනතාව පෙළඹවීම මෙම සමුළුවේ අරමුණයි.

ලබන වසරේ මැයි මස 23 වැනිදා සිට ජුනි 03 වැනිදා දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සමුළුව පැවැත්වෙනවා. රටවල් 180ක නියෝජිතයින් සහ ජාත්‍යන්තර සංවිධාන ,රාජ්‍ය නොවන සංවිධාන , පරිසර සංවිධාන, මාධ්‍යවේදීන් ඇතුළු හාරදහසකට අධික පිරිසක් ඊට එක්වීමට නියමිත යි. තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය යටතේ ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් තිබෙන අවස්ථාවක මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම විශේෂත්වයක්.

ඒ පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් අමරතුංග , ගාමිණී ජයවික්‍රම පෙරේරා යන අමාත්‍යවරුන් ද මෙම සාකච්ඡාවට සහභාගී වුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 13:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්