fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිස්ත‍්‍රික්ක 3කට අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 11:19

දිස්ත‍්‍රික්ක 3කට අනතුරු ඇඟවීම්

දිස්ත‍්‍රික්ක තුනකට නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම තවදුරටත් බල පැවැත්වෙන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. නුවරඑළිය, රත්නපුර සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

ගමනාගමනයට බාධා එල්ල වූ හැටන් – කොළඹ ප‍්‍රධාන මාර්ගය අද උදෑසන විවෘත කළා. ස්ටැඩන් තේ වත්තේ කොටසක් විශාල පැල්මක් සහිතව කඩා වැටීමේ අවධානමක් මතු වීම හේතුවෙනුයි මාර්ගය ඊයේ පස්වරුවේ සිට වසා දමා තිබුණේ. මේ වනවිට හැටන් – කොළඹ සහ හැටන් – නුවරඑළිය මාර්ගවල දැඩි මීදුම් තත්ත්වයත් සමඟ වැසි පවතින බවයි අප වාර්තාකරු මනුල සුදත් සෙල්ලහේවා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්