fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගලෙන්බිදුණුවැව 20- 23 කොල්ලන්ගෙ අලුත් ජාවාරම

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 10:23

ගලෙන්බිදුණුවැව 20- 23 කොල්ලන්ගෙ අලුත් ජාවාරම

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු හැත්තෑවක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලෙන්බිදුණුවැව පොලිස් දූෂණ මර්දන ඒකකයට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව ගලෙන්බිදුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයේ වැටලීමක් සිදු කෙරුණා. එම වැටලිමේදීයි මෙම ව්‍යාජ මුදල් නෝට්ට්ටු තොගය හමුව ඇත්තේ.

නිවසක් තුළ ඉතා සුක්ෂම ලෙස මෙම  ජාවාරම පවත්වාගෙන ගොස් තිබු බව පොලිසිය පවසනවා. ව්‍යාජ මුදල්නෝට්ටු මුද්‍රණයට යොදා ගත් උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් අවුරුදු විස්ස සහ විසිතුන යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් අද කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්