fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය යථා තත්ත්වයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 09:53

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය යථා තත්ත්වයට

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබෙනවා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ සෙනන් ශ්‍රදන් ප්‍රදේශයේ විශාල පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා මතු වුණා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ හැටන් පොලිසිය එක්ව එම ප්‍රදේශයෙන් විකල්ප මාර්ගයක් සෑදීමට පියවර ගත්තා. ඒ අනුව ඊයේ රාත්‍රීයේ සිට හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරිමට හැකිව තිබෙනවා.

මධ්‍යම කදුකරයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පරික්ෂාකාරි ලෙස රියධාවනය කරන ලෙසයි හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්