ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ යහපාලන රජයට වසර 3ක් ඉක්මවන අවස්ථාවේ රට තුළ විශාල වැඩ කොටසක් ඉටුකර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ පැවති උත්සව කිහිපයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ.
මොනරාගල දිස්ත්‍රික්කයේ කොටියාගල ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ පළමු ධනාභිමානී ගම්මානය වන අපනයනගම විවෘත කළා. කොටියාගල ප්‍රදේශයේ ඉදිකළ දෙව්පුදගම උදාගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරයා එක්වුණා. සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 107 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 52 කින් සමන්විත මෙම උදාගම්මානය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 932 ක් වැයකර තිබෙනවා. පානීය ජලය, විදුලිය ,විධිමත් මාර්ග ඇතුලු සියලු යටිතල පහසුකම්වලින් මෙම ගම්මානය සමන්විතයි. දෙව්පුදගම උදාගම්මානය ජනතා අයිතියට පත් කළ අද (17) දිනයේදීම දිවයින පුරා තවත් උදාගම්මාන 100 ක ඉදිකිරීම් ද ආරම්භ කෙරුණා. අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ අතීතයේ හෑරූ ණය වළ ගොඩ කිරීමට වත්මන් රජයට හැකි වූ බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/YwBU3WFoa2M”]
මැතිඇමතිවරුන් රැසක් ද මෙහිදී අදහස් දැක්වූවා,
[ot-video type=”youtube” url=”https://youtu.be/h_YtMfQ4W20″]
අඩු ආදායම්ලාභී පවුල් 200 කට විසිරි ණය ප්රදානය, ප්‍රතිලාභීන් 100 කට රුපියල් ලක්ෂ 50 ක් වටිනා නිවාස ණය හා ආධාර, ශිල්ප සවිය වැඩසටහන යටතේ වෘත්තීය උපකරණ කට්ටල ලබා දීම ඇතුලු වැඩසටහන් රැසක් ද මෙහිදී ක්‍රියාත්මක කෙරුණා. මීට සමගාමීව ධනාභිමානී වැඩසටහන යටතේ පැළ බෙදා දීම හා රට පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 700 කට පමණ ඉඩම් ඔප්පු ලබා දීම ද සිදුකෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/oKgawhKvksU”]