fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

CIDය පැය 3 ක් ප්‍රශ්න කරයි – මහින්දට මතක නැහැ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 18:18

CIDය පැය 3 ක් ප්‍රශ්න කරයි – මහින්දට මතක නැහැ

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් කෘෘර වදහිංසා පැමිණවීමේ සිද්ධිය  සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් රහස් පොලිසිය අද  (17) ප්‍රශ්න කළා. හිටපු ජනාධිපතිවරයාගේ විජේරාමයේ පිහිටි නිවස වෙත පැමිණ පැය තුනක කාලයක් ප්‍රශ්න කිරීම් සිදු කර තිබෙනවා.

නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයා ලෙස කටයුතු කළ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා 2008 වසරේ මැයි මස 22 වනදා සේවය අවසන්කර සිය නිවස බලා යමින් සිටියදී පැහැරගැනීමට ලක්වුණා. පසුදා ඔහු නිවස අසලට ගෙනැවිත් දමා තිබුණේ දරුණු ලෙස පහරදීමෙන් අනතුරුවයි.  මෙම සිද්ධිය පිළිබඳ නඩු විභාගය දැන් ක්‍රියාත්මකයි. එහිදී හෙලිවූයේ පැහැරගත් කීත් නොයාර් මහතාට දොම්පේ, බදුවත්ත යුද හමුදා බුද්ධි අංශ නිවස්නයේ දී පහරදී ඇති බවයි. හමුදාවේ පිරිසකට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ද ප්‍රශ්න කළා. කීත් නොයාර් මහතා පැහැරගැනීම් පිළිබද මුලින්ම තොරතුරු ලැබුනේ තමන්ට බවත් ඒ පිළිබඳ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාට එම අවස්ථාවේදීම දැනුම් දුන් බවද කතානායකවරයා කියාසිටියා. කතානායකවරයාගේ මෙම කරුණු දැක්වීමත් සමග මහින්ද රාජපක්ෂ මහතාගෙන් කරුණු විමසීමට රහස් පොලීසිය කටයුතු කළා. ඒ අනුව අද (17) පෙරවරු එකොළහයි විස්සට පමණ කොළඹ හත විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට පැමිණි රහස් පොලිසිය  ප්‍රකාශ  ලබා ගැනීමට කටයුතු කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 18:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්