fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියා කුසලාන වොලිබෝල් තරගාවලියට රටවල් අටක සහභාගීත්වයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 14:56

ආසියා කුසලාන වොලිබෝල් තරගාවලියට රටවල් අටක සහභාගීත්වයක්

පළමු ආසියා කුසලාන වොලිබෝල් තරගාවලියට රටවල් අටක කණ්ඩායම් සහභාගීත්වය තහවුරු කර ඇතැයි ජාතික වොලිබෝල් සම්මේලනය නිවේදනය කරනවා. ලබන මස 15 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිත තරගාවලිය 21 වනදා අවසන් වීමට නියමිතව ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාප්ති උළෙලකින්. තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව තරගවැදීමට නියමිතයි. මෙම තරගාවලියෙන් පළමු සහ දෙවන ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් ආසියා ශූරතා වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලබාගන්නවා. ඊට එක්වීමට හැකිවනු ඇතැයි ජාතික වොලිබෝල් සම්මේලනය බලාපොරොත්තු වනවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිත තරගාවලියේ සියලු තරග ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 14:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්