මහජනතාව පීඩාවට පත්කරමින් අදිසි බලවේග මෙහෙයවන අමානුෂික වැඩවර්ජන හෙළා දකින බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=YJwDSOxKVTM&feature=youtu.be”]
දුම්රිය මැදිරි නවීකරණ කටයුතු සොයා බැලීම සදහා දෙමටගොඩ කර්මාන්තශාලා පරීශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව දැනට භාවිතයෙන් ඉවත් කර ඇති දුම්රිය මැදිරි 200 ක නවීකරණ කටයුතු මෙහිදී අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක් වුණා. දුම්රිය මැදිරියක් ආනයනය කිරීම සදහා රුපියල් මිලියන 60 ක පමණ මුදලක් වැයවනවා. නමුත් දුම්රිය මැදිරියක් නවීකරණය කිරීමෙන් රුපියල් මිලියන 46 ක මුදලක් ඉතිරි වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.