නිදහස, ප්රජාතන්ත්රවාදය සහ යහපාලනය රටට උදා කිරීමේ අරමුණෙන් ස්ථාපිත සම්මුතිවාදී ආණ්ඩුව බිහිවූ මහ මැතිවරණය පවත්වා අදට වසර තුනක් සපිරෙනවා.
2015 වසරේ ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙරට රාජ්‍ය නායකයා බවට මහජන ඡන්දයෙන් තේරී පත්වූයේ ඉතිහාසයට නව පිටුවක් එක් කරමින්. නිදහස, ප්රජාතන්ත්රවාදය හා සාධාරණ සමාජයක් අපේක්ෂාවෙන් යුතුවයි මෙරට ඡන්ද දායකයා එම තීරණයට එළඹුණේ. එය තවත් ශක්තිමත් කරමින් 2015 වසරේ අගෝස්තු දාහත් වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෙරට දේශපාලන ඉතිහාසය අලුත් කරමින් සම්මුතිවාදී රජයක් නිර්මාණය කෙරුණා. එම මැතිවරණයේ දී වැඩිම ආසන ගණන එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණ දිනාගත්තා. එම ආසන සංඛ්‍යාව 106ක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන 95ක් දිනාගත්තා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව අනුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගත්තා. ප්‍රධාන පක්ෂ දෙක එක්ව ඇරඹූ මෙම සම්මුතිවාදී රජයේ ප්‍රධාන අරමුණ වූයේ රටේ ප්රජාතන්ත්රවාදය යළි ගොඩනැගීම, නව ව්‍යවස්ථාවක් ගෙන එමින් සියලු දෙනාගේ නිදහස ආරක්ෂා කිරීම හා රටේ දැවැන්ත සංවර්ධනයක් සිදුකිරීමයි.
ජනතාව දුන් එම ජනවරම අද මල්ඵල ගැන්වෙමින් තිබෙනවා. භාණ්ඩ හා සේවා රැසක මිල මෙන්ම ඖෂධ රැසක මිල අඩු කරමින් සම්මුතිවාදී රජය සිය ඡන්ද දායකයාට කෘතගුණ දැක්වුවා. සුවසැරිය ගිලන්රථ සේවය මගින් ද ජනතාවට සිදු වන මෙහෙය ඉහමහත්. එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය , ගම්පෙරළිය යෝධ සංවර්ධන ව්‍යාපෘතිය , අපි වවලයි අපි කන්නේ ගම්දහසක් වැව් දහසක් ,ආදී ව්‍යාපෘති තුළින් ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීමේ අරමුණ කරා සාර්ථකව ගමන් කරමින් සිටිනවා. මොරගහකන්ද – කළුගඟ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය මෙන්ම වයඹ දැවැන්ත ජලසම්පාදන ව්‍යාපෘතියද ඊට අයත්.
19 වන සංශෝධනය සම්මත කරමින් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම හරහා මෙරට ජනතාවට අහිමිව තිබූ තවත් නිදහසක් හිමිකර දුන්නා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරමින් විනිවිද භාවයෙන් කටයුතු කිරීමේ දියුණු සංස්කෘතිය මෙරට නිර්මාණය කළා. නීතියේ ආධිපත්‍ය යළි ඇතිකළේ ද වසර තුනකට පෙර බිහිවූ සම්මුතිවාදී රජයයි. එමෙන්ම අධිවේගී මාර්ග, ගුවන් පාලම් ආදිය පමණක් නොව ගම් නියම්ගම් සංවර්ධනය කරමින් රටේම වෙනසක් සිදුකර තිබෙනවා.
වසර තුනක සම්මුතිවාදී රජයෙන් ශ්‍රී ලාංකේය ජාතිය ලැබූ විශාලතම ත්‍යාගය වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ එතෙක් ජාත්‍යන්තරයේ පැවති කළු පැල්ලම මකා දැමීමයි. අපේ රට මිනිසුන් ජීවත් වන සාධාරණ සමාජයක් සහිත රටක් ලෙස ජාත්‍යන්තරයට යළි රැගෙන යාමට වත්මන් රජයට හැකිවුණා. ජී එස් පී සහනය යළි ලබාගැනීම සහ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට හැකිවීම වත්මන් රජය ජනතාවට අත්කර දුන් තවත් දැවැන්ත ජයග්‍රහණයක් වනවා.
ළඟම පාසල හොදම පාසල සහ පාසල් සිසුන් සදහා සුරක්ෂා සිසු රක්ෂණය ලබා දීම ආදී ව්‍යාපෘති තුළින් අධ්‍යාපන ක්ෂේත්‍ර යේද වෙනසක් සිදු කිරීමට වත්මන් රජයට හැකිවුණා. ගැබිණි මාතාවන්ට පෝෂණ මල්ලක් සහ ක්‍රීඩකයින්ට පෝෂණ දීමණාවක් ලබාදීම ආදී පහසුකම් සැළසුණා. ඒ අනුව යමින් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලකදී වැඩිම පදක්කම් ප්‍රමාණය මෙවර ලබා ගැනීමටත් හැකි වුණා.
දියුණු සංව්ධිත රටක පරිසරය සුරැකීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් පරිසරය දූෂණය කරන බාල පොලිතීන් තහනම ආදී ප්රගතිශීලී පියවර රැසක් ගැනීමට වත්මන් රජය ක්‍රියා කළා.
පසුගිය වසර තුනේ ලැබූ මෙවැනි ජයග්‍රහණ ඉදිරියේදී තවත් දෙගුණ තෙගුණ වී ජනතාව මෙතෙක් පැතූ පොහොසත් රටක් උදාවනු ඇති.