fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළයේ අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය ගණන 100 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 09:11

කේරළයේ අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය ගණන 100 ඉක්මවයි

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවන බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා. එක්ලක්ෂ පනස් දහසකට  වැඩි පිරිසක් අවතැන්ව ඇති බවයි ප්‍රාන්ත රජය පවසන්නේ.

සංචාරක ප්‍රාන්තයක් වන කේරළයට වසර සියයකට පසුව බලපෑ දරුණුතම මෝසම් කාලගුණය මෙය බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ. ගංවතුර , නායයෑම් , ගොඩනැගිලි සහ පාලම් කඩා වැටීම් හේතුවෙන් ජීවිත හානි රැසක් වාර්තා වුණා. ප්‍රාන්තයේ දිස්ත්‍රික් 14 කට ගංවතුර හේතුවෙන් රතු නිවේදන නිකුත් කෙරුණා. කෝචි ගුවන්තොටුපලේ ගුවන් ගමන් ද ලබන 26 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. දුම්රිය ගමන්ද ඇන හිට තිබෙනවා. ඉදිරි දින දෙක තුළද වැසි අපේක්ෂා කරන බවයි ඉන්දීය කාලගුණ අංශ සදහන් කරන්නේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දින එහි  නිරීක්ෂණ සංචාරයක නිරත වීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 17, 2018 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්