fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවක වදයට එරෙහිව සංවිධානය වෙන්න

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 19:47

නවක වදයට එරෙහිව සංවිධානය වෙන්න

රුහුණ විශ්වවිද්‍යාලයේ 10 වන පීඨය ලෙස කඹුරුපිටිය ගම්උදාව ප්‍රදේශයේ ආරම්භ කළ තාක්‍ෂණ පීඨය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා සහභාගි වුණා. එහිදී රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ පිරිසක් උත්සවය කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතිව උත්සව භූමියට ඇතුලු වීමට උත්සාහ දරූ අතර පොලීසිය එය වැළැක්වීමටයි කටයුතු කළේ.

මහා ශිෂ්‍ය සංගමයට සම්බන්ධ සිසුන් පිරිස අනතුරුව කඹුරුපිටිය අතුරලිය මාර්ගයේ රැඳී සිට විරෝධතාවක නිරත වුණා. විරෝධතාවේ නිරත වී සිටි සිසුන් අසලට පැමිණි ගම්වාසීන් විශ්වවිද්‍යාලය තම ගමට ලද සම්පතක් බැවින් එය අහිමි නොකරන ලෙස ඉල්ලා සිටියා. එම අවස්ථාවේදීයි දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේ. සිසු සිසුවියන් 800 දෙනෙකුට පමණ අධ්‍යාපනය ලැබිය හැකි පරිදි නව පීඨය සකස් කර තිබෙනවා. එම පීඨය සඳහා පරික්‍ෂණාගාර, නේවාසිකාගාර හා දේශන ශාලා ඇතුලු සියලු පහසුකම් ඇතුළත්. රජය ඊට වැය කළ මුදල රුපියල් කෝටි 600 ක්. රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ කිරීමට හා තරුණ පරම්පරාවේ අනාගතය අඳුරු කිරීමට ඇතැම් කුහක දේශපාලන බලවේග ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා විවෘත කිරීමේ උත්සවය අමතමින් ප්‍රකාශ කළේ.

අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ,

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 19:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්