යළි දුම්රිය වර්ජනයකට සූදානම්
Related Articles
ලබන අගහරුවාදා දිනට පෙර විසදුමක් නොලැබුනහොත් යළි දුම්රිය වර්ජනයකට යන බවට දුම්රිය සේවකයින් ප්‍රකාශකර තිබෙනවා. ගැටලුවලට විසදුම් ලබාදීමට ජනාධිපතිතුමා මැදිහත්ව සිටියදීත් යළි වර්ජනයකට සූදානම් වන්නේ පටු දේශපාලන වුවමනා පදනම් කර ගනිමිනුයි. දුම්රිය සේවකයින් පසුගිය අටවනදා දුම්රිය වර්ජනයක් ආරම්භ කළේ කිසිදු දැනුම්දීමක් ද නොමැතිවයි.
දින කිහිපයක් පුරා ක්‍රියාත්මක කළ වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වුණා. ඒ පිළිබද විශේෂ අවධානය යොමුකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දුම්රිය සේවකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු වර්ජනය නතර කිරීමට ඔවුන් එකඟත්වය පළ කළා. ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේ සමස්ත රාජ්‍ය සේවය තුළ පවතින ගැටලු විසදීමට පියවර ගන්නා බවයි. ඒ අනුව රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට හා විෂමතා ඉවත් කිරීම සදහා නව වැටුප් කොමිෂන් සභාවක් පත් කිරීම වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ද පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවුණා.
ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට අදාළ වනවා. රාජ්‍ය අංශයේ දැනට පවතින වැටුප් හා දීමනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක චක්‍රලේඛ කෙරෙහි ද අවධානය යොමු කිරීමට නියමිතයි. එමෙන්ම ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියාසිටියේ රාජ්‍ය සේවයේ බරපතල අර්බුදයකට හේතුවී ඇති හය, 2006 චක්‍රලේඛය වෙනස් කිරීමට රජය කටයුතු කරන බවයි.
අමාත්‍ය රාජිත සේනාරත්න,
මෙලෙස ගැටලු විසදීම සම්බන්ධයෙන් රජය සක්‍රීයව කටයුතු කරමින් සිටියදී යළි වර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට වෘත්තීය සමිති ප්‍රකාශකර තිබෙනවා.
ඉන්දික දොඩංගොඩ – දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය,
දුම්රිය සේවකයින් මෙලෙස ආසාධාරණ ලෙස වර්ජන සිදුකරන්නේ ජනතාව අපහසුතාවට පත්කරමින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.