fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෙවුණු වසර තුනේ රජය ලැබූ ජය

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 20:04

ගෙවුණු වසර තුනේ රජය ලැබූ ජය

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට වාතාවරණයක් වත්මන් රජය නිර්මාණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු හාරදහසක් බෙදාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා. උත්සවයට පැමිණෙන අතරතුර ප්‍ර දේශයේ රැස්ව සිටි ජනතාව සමග අග්‍රාමාත්‍යවරයා කතාබහක නිරත වුණා. එහිදී සුලු පරිමාණ මැණික් පතල්කරුවන් අග්‍රාමාත්‍යවරයා වෙත තමන් මුහුණපාන ගැටලු ඉදිරිපත් කරනු ද දක්නට ලැබුණා.

අනතුරුව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වූ ජනතාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ ණය නැති රටක් නිර්මාණය කිරීම යහපාලන රජයේ අරමුණ බවයි.

ගයන්ත කරුණාතිලක, තලතා අතුකේරල යන අමාත්‍යවරුන් ද මෙහිදී අදහස් පළකළා.

ඉඩම් හිමිකම් ලැබූ ජනතාව මෙම වැඩපිළිවෙළ පිළිබද රජයට සිය ප්‍රසාදය පළකළා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 20:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්