ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අනිද්දා ආරම්භවීමට නියමිත ආසියා ක්‍රීඩා උළෙල සදහා සුදුසුකම් ලැබූ මෙරට දුනු විදීමේ ක්‍රීඩකයින් හතරදෙනෙකුට තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.ආසියා ක්‍රීඩා උළෙල සදහා දුනු විදීමේ ක්‍රීඩකයින් තේරීම් තරගාවලිය පසුගිය අප්‍රේල් 27 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ ටොරින්ටන් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.
එහිදී ආසියා ක්‍රීඩා උළලේ අවම පරිසාධන මට්ටම සම්පූර්ණ කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 05 දෙනෙකු සමත්වුණා. සජීව් ද සිල්වා, නිපුන සෙනවිරත්න, ලක්මාල් රාජසිංහ එහිදී අවම ආසියා පරිසාධන මට්ටම ඉක්මවා ඔලිම්පික් පරිසාධන මට්ටම සම්පූර්ණ කිරීමට ද සමත්වුණා. සුනෙත් චන්දන හා තිසරි සිල්වා අවම ආසියා පරිසාධණ මට්ටම පමණක් සම්පූර්ණ කළා.
ආසියා ක්‍රීඩා උළෙල සදහා ජාතික ඔලිම්පික් කමිටුව පළමු නම් ලැයිස්තුව ජාතික දුනුවිදීමේ සංගමයෙන් ඉල්ලා ඇත්තේ පසුගිය ජූනි මාසයට පෙර ලබා දෙන ලෙසයි. ඊට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනාම සුදුසුකම් ලබා ඇතැයි දැනුම් දී තිබෙනවා. එහෙත් සජීව් ද සිල්වා ක්‍රීඩකයාට පමණයි ආසියා තරගාවලියට එක්වීමට ජාතික ඔලිම්පික් කමිටුව අවස්ථාව ලබා දී ඇත්තේ. මෙලෙස තරගාවලිය නියෝජනයට අවස්ථාව හිමි නොවූ නිපුණ සෙනවිරත්න 2016 වසරේ දකුණු ආසියා දුනු විදීමේ රිදී පදක්කම දිනූ ක්‍රීඩකයායි. දුනු විදීමේ කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් කරා යාමට තිබූ අවස්ථාව අහිමිකර ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුව ජාතික දුනුවිදීමේ සංගමයේ නිලධාරීන් සමග ඇති පෞද්ගලික හේතූන් නියාවෙන් බවයි ක්‍රීඩකයින් චෝදනා කරන්නේ.