fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ හිටපු අගමැති අතල් බිහාරි වජ්පායි අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 19:02

ඉන්දියාවේ හිටපු අගමැති අතල් බිහාරි වජ්පායි අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඒ මහතා පසු වුණේ 93 හැවිරිදි වියේයි. වයස් ගත වීම සමග ඇති වූ අසනීප තත්ත්වය අනුව ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි දිල්ලි අගනුවර රෝහලකට ඇතුළත් කෙරුණා.

වජ්පායි භාරතීය ජනතා පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙකු ද වනවා. මේ වන විට ඉන්දියාව පාලනය කරන්නේ ද භාරතීය ජනතා පක්‍ෂයේ ආණ්ඩුවක්. අතල් බිහාරි වජ්පායි 1996 හා 2004 කාල පරාසය තුළදී තුන් වරක් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු ඉන්දියාව න්‍යෂ්ටික බලවතෙකු බවට පත් කිරීම සඳහා සුවිශාල සේවාවක් ඉටු කළ නායකයෙකු ලෙසයි සැලකෙන්නේ. ඔහුගේ අභාවය සම්බන්ධයෙන් වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුලු ඉහළ පෙළේ නායකයන් ශෝක පණිවුඩ නිකුත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 19:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්