ශ්රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දරණ ආසියා චැලේන්ජ් කප් පිරිමි වොලිබෝල් තරගාවලියේ සුරතලා හා නිල ලාංඡනය ප්රකාශයට පත්කර තිබෙනවා. රටවල් 10 ක් එක්වන තරගාවලිය ලබන මස 15 වැනිදා සිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩා පිටියේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ශ්රී ලංකාව තරග බිමට පිවිසෙන්නේ ඒ ඛාණ්ඩය යටතේයි. තරගාවලිය ඉලක්ක කර ගනිමින් මේ වන විට ශ්රී ලංකා වොලිබෝල් සංචිතය සර්බියානු පුහුණුකරුවකු යටතේ පුහුණුවීම් සිදුකරනවා. මේ අතර තරගාවලියේ නිල ලාංඡනය හා සුරතලා ප්රකාශයට පත්කර තිබෙනවා.