චීනයට තවත් සුළිකුණාටුවක බලපෑම් එල්ලවන බවට කාලගුණ අංශ අනතුරු අගවා තිබෙනවා. ඒ අනුව චීනයට මෙම වසරේ දී බලපෑම් එල්ලකරන 16 වන සුළි කුණාටුව මෙයයි.
බෙබින්කා ලෙස නම්කර ඇති මෙම සුළිකුණාටුව චීනයේ දකුණු දිග පළාතේ ගුවාන්ඩොග් හා හයිනාන්ග් ප්‍රදේශවලට බලපෑම් එල්ලකරන බවයි කාලගුණ අංශ අනාවැකි පළකර තිබෙන්නේ. මේ වන විටත් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් එම ප්‍රදේශවලට තද සුළං සමග දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ධීවර කටයුතු ද තාවකාලිකව නතර කර ඇති අතර සුළි කුණාටුවෙන් ආරක්ෂාවීම සදහා ජලාශ කිහිපයක වාන් දොරටු ද විවෘත කර ඇති බව සදහන්. එමෙන්ම විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.