තායිලන්ත ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී ලෝකඩ පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් සමත්ව තිබෙනවා. රටවල් දොළහක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් හැට හතර දෙනෙකු තරගාවලියට එක්ව සිටියා. එහිදී පී.වී.එස්. හේමජිත් කිලෝග්‍රෑම් පනස් දෙක බරපන්තිය යටතේ එක් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නා.
අවසන් පූර්ව තරගයේ දී ඔහු පරාජයට පත්වුණේ මැලේසියානු ක්‍රීඩකයා හමුවේයි. කිලෝග්‍රෑම් හැට බර පන්ති යටතේ තවත් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නේ කේ.සී. ඒකනායක ක්‍රීඩකයායි. ඔහු අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත්වුණේ ජපාන ක්‍රීඩකයා හමුවේයි.