කාබුල් හි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 48 දක්වා වැඩිවී ඇති බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළා. තුවාල ලැබු ගණන 67 ක්. පිපිරිම සිදුවුණේ අගනුවර පිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානයකදී. විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සදහා අමතර පන්තියක් පැවැත්වෙමින් තිබූ අවස්ථාවක මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු ඊට ඇතුලුවී තිබෙනවා. තලේබාන් කැරලිකරුවන් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි විශ්වාසය. එභෙත් ප්‍රහාරයට කිසිදු සබදතාවක් නැති බවයි තලේබාන් කැරලිකරුවන් ප්‍රකාශ කර තිබෙන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/102984476_048681792.jpg”]