fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තයේ නිවාස මිලදී ගැනීමේ අවස්ථාව විදේශිකයින්ට තහනම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 12:18

නවසීලන්තයේ නිවාස මිලදී ගැනීමේ අවස්ථාව විදේශිකයින්ට තහනම්

නවසීලන්තය තුළ නිවාස මිලදී ගැනීමේ අවස්ථාව විදේශිකයින්ට තහනම් කර තිබෙනවා. රටේ ජනතාවට නිවාස පහසු මිලට ලබා ගැනීමට හැකි වැඩපිළිවෙලක් සහිත යෝජනාවක් නවසීලන්ත පාර්ලිමේන්තුව ඊයේ (15) සම්මත කළා.  දැනට නවසීලන්තයේ වාසය කරන විදේශිකයන්ට මෙම තහනම ක්‍රියාත්මක වන්නේ නැහැ. නවසීලන්තය සමග පවතින නිදහස් වෙළෙද ගිවිසුම හේතුවෙන් ඕස්ට්‍රේලියා සහ සිංගප්පූරු ජාතිකයන්ට මෙම තීරණය බලපාන්නේ නැති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. නවසීලන්තය තුළ විදේශිකයින් වැඩි වශයෙන් නිවාස මිලදී ගැනීම හේතුවෙන් එරට නිවාස මිල ඉහළ යාම මෙවැනි තීරණයක් ගැනීමට හේතුවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2018 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්