මහවැලි ගඟේ වම් ඉවුරේ පිහිටි මනම්පිටිය වැලි තොටුපලේ තිබූ බෝට්ටු 29 ක් ගිනි තබා විනාශ කර තිබෙනවා.
මනම්පිටිය ට්‍රිපර් රථ සංගමයට හා වැලි සමාගමට අයිති බෝට්ටු 29 ක් මෙසේ ගිනිතබා විනාශ කර තිබෙනවා. කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ප්‍රදේශයේ විශාල පිරිසකගේ ජීවන වෘත්තිය වන්නේ මහවැලි ගගේ වැලි ගොඩ දැමීමයි. මේ හේතුවෙන් ඔවුන්ගේ රැකියාවට විශාල බලපෑමක් එල්ල වී ඇති බව ජනතාව පවසනවා. ගිනි තබා ඇති බෝට්ටුවල වටිනාකම මෙතෙක් ගණන් බලා නොමැති අතර සැකකරුවන් සොයා පොළොන්නරුව පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.