සිංහල සිනමාවේ නිළි රැජන සුන්දර මාලිනිය වෙනුවෙන් අභිනන්දන හරසර ප්රණාම සිනමා උපහාර උලෙළක් මේ මස 22 වැනිදා සවස 6.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.
අභිනන්දන උළෙලට සමගාමීව සුන්දර මාලිනිය රංගනයෙන් එක් වූ සිනමාපට 4ක් අනිද්දා සවස 6.00 සිට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලා පරිශ්‍රයේදී නොමිලයේ තිරගත වීමට කටයුතු සූදානම් කර තිබේ.
සිනමා චිත්‍රපට පෙළගැස්ම පහතින්..
18 – නිධානය චිත්‍රපටය
19 – ප්රතිරාවය (තිරගත නොකළ) චිත්‍රපටය
20 – අම්මාවරුනේ චිත්‍රපටය
21 – ආකාස කුසුම් චිත්‍රපටය