ඉන්දීය 72 වන ජනරජ දිනය අදට යෙදී තිබෙනවා.ඉන්දීය ජාතික දින සැමරුම් උත්සවය කොළඹ පිහිටි ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් නිල නිවාස පරිශ්ර යේදී උත්කර්ෂවත්ව පැවැත්වුණා.
ඒ ශ්රි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ ප්රධානත්වයෙන්. ඒ මහතා ඉන්දීය ජාතික ධජය එසවීමෙන් අනතුරුව හමුදා උත්තමාචාරයක් ද පැවැත්වුණා. ඉන් අනතුරුවයි ඒ මහතා ඉන්දීය ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවුඩය ඉදිරිපත් කළේ. ශ්රී ලංකාවේ වෙසෙන ඉන්දීය ජාතිකයින් ඇතුලු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා.