වෙනිසියුලා ජනාධිපති නිකලොස් මදුරෝ ඝාතනය කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙනිසියුලා බලධාරීන් පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර එරට ජාතික ආරක්ෂක අංශයේ ජෙනරාල්වරයෙකු සහ කර්නල්වරයෙකු ද සිටින බවයි.
පසුගිය අගෝස්තු 4 වනදා කරාකස් අගනුවර පැවති හමුදා පෙලපාලියකට සහභාගි වූ අවස්ථාවේදී නිකලොස් මදුරෝට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වුණා. තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට ජනාධිපතිවරයා එරට විපක්ෂ දේශපාලනඥයින්ට සහ අසල්වැසි කොලොම්බියා ජනාධිපතිට චෝදනා එල්ල කළා.