fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට සංවර්ධන කිරීමේ මෙහෙයුම සාර්ථකයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2018 12:37

රට සංවර්ධන කිරීමේ මෙහෙයුම සාර්ථකයි

ප්‍රධාන පක්ෂ දෙක එක්ව ආරම්භ කර ඇති රට සංවර්ධන කිරීමේ මෙහෙයුම සාර්ථක වී ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුර ඉපලෝගම කඩියන්ගල්ල නිල සෙවන කාර්යාලය ජනතා අයිතියට පත්කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

අමාත්‍ය දුමින්ද දිසානායක,

නිල සෙවන කාර්යාලය තුළ ග්‍රාම නිලධාරී , සමෘද්ධි , ආර්ථික , කෘෂිකර්ම ඇතුළු සියලු නිලධාරී කාර්යාල පිහිටුවා තිබෙනවා. ඒ තුළින් ජනතාවට සේවා රැසක් එකම ස්ථානයකදී ලබාගත හැකියි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියාසිටියේ ඉදිරි මාස හය තුළ නිල සෙවන කාර්යාල දොළොස් දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් සිදුකරන බවයි.

අමාත්‍ය වජිර අබේවර්ධන,

අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2018 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්