ලන්ඩනයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආසන්නයේ ආරක්ෂක බාධකවල ගැටෙමින් මෝටර් රථයක් ධාවනය කර වීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සලකන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා.
බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ මෙය ත්‍රස්ත ක්‍රියාවක් බව ඊයේ ප්‍රකාශ කළා. සිද්ධියෙන් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු සහ පාපැදිකරුවෙකු තුවාල ලැබුවා. අනතුර සිදුකළ පුද්ගලයා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලීසියට හැකි වුණා. මේ සමග වෙස්මිනිස්ටර් උමං දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමුණු අතර පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ග කිහිපයක් ද වසා දැමීමටයි ලන්ඩන් පොලීසිය කටයුතු කළේ. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ අදාළ පුද්ගලයා හිතාමතාම මාර්ග බාධක බිඳ දමමින් රථය ධාවනය කළ බවයි. මෙම පුද්ගලයා 29 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ. මෝටර් රථයේ අවි ආයුධ කිසිවක් නොතිබූ බවද සොයාගෙන තිබෙනවා.