77 වන ලේට්න් කුසලාන බොක්සිං තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය බොක්සිං පිටියේදී ඊයේ (15) ආරම්භ වුණා. මෙවර ලේට්න් කුසලාන බොක්සිං තරගාවලියට ක්‍රීඩකයින් එකසිය දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් 36 දෙනෙකු එක්ව සිටිනවා. ඒ බර පන්ති දහයක් යටතේයි ආධුනික, අතරමැදි, ජාතික, කණිෂ්ඨ සහ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිවලදී ජාතික මට්ටමේ ජයග්රහන වාර්තා කළ ක්‍රීඩකයින් මෙම තරගාවලියට එක්ව සිටිනවා. නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් තුනක් බොක්සිං ඉසව්වෙන් හිමිවුණා. මේ හේතුවෙන් බොක්සිං තරග කෙරෙහි වැඩි උනන්දුවක් ක්‍රීඩකයින්ගේ මෙන්ම ප්‍රේක්ෂකයින්ගේ ද ඇතැයි ජාතික බොක්සිං සම්මේලනය පවසනවා.