fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රේමය නිසා තනතුර අහිමි කර ගත් ධීවර ඇමති..

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2018 08:30

ප්‍රේමය නිසා තනතුර අහිමි කර ගත් ධීවර ඇමති..

ආදරය කරන්න වයසක්, ජාතියක්, ආගමක් බලපාන්නේ නැහැ. ජීවිතේ කොයිම මොහොතක අපිට ආදරය කියන සිතිවිල්ල හිතට එන්න පුළුවන්. ඒත් ආදරය නිසා තමන්ගේ ඇමතිකම නැති කර ගත්ත කෙනෙක් ගැන විදේශයෙන් ආරංචි වෙනවා. ඒ තමයි නෝර්වේ රාජ්‍යයේ ධීවර ඇමති පර් සැන්ඩ්බර්ග්.

ඔහු තම ඉරාන ජාතික පෙම්වතිය සමඟ ඉරානයේ නිවාඩුවකට යෑම සම්බන්ධයෙන් හටගත් අර්බුදයක් මෙයට හේතුව වී තිබෙනවා.

මේ වෙද්දි 58 වන වියේ පසුවන සැන්ඞ්බර්ග් සහ ඔහුගේ 28 හැවිරිදි ඉරාන ජාතික පෙම්වතිය බහ්රේයා ලෙට්නස් නිවාඩුවක් සඳහා ඉරානය බලා ගියේ පසුගිය මාසයේයි.

ඇමැතිවරයා ඉරානයට යද්දී, නෝර්වේ රජයෙන් ලබා දුන් ජංගම දුරකතනය රැගෙන ගොස් තිබෙනවා.

මේ ජංගම දුරකතනය රැගෙන යාම නිසා ඉරාන රහස් ඔත්තු සේවා නිලධාරීන්ට නෝර්වේ රජයේ රහස් ලබා ගැනීමට ද හැකියාව තිබුණු බවත් එවැන්නක් සිදුවන්නට ඇති බවත් නෝර්වේ බුද්ධි අංශ සැක පළ කරනවා.

මේ සම්බන්ධයෙන් නෝර්වේ රජයෙන් පවා ඔහුට දෝෂාරෝපණ එල්ල වුණා.

ඒ අනුව, තමා අතින් සිදුවුණු වරද පිළිගෙන වහාම තම ධුරයෙන් ඉල්ලා අස්වීමට සැන්ඞ්බර්ග් කටයුතු කළා.

සැන්ඞ්බර්ග්ගේ තරුණ පෙම්වතිය බහ්රේයා ලෙට්නස් හිටපු ඉරාන රූ රැජිනක් වගේම මත්ස්‍ය අපනයන කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරික කාන්තාවක් ද වනවා.

ඒ විතරක් නොවෙයි ඇයට නෝර්වේ රාජ්‍යයේ පුරවැසිභාවය ද හිමි වී තිබෙනවා. නමුත් ඉරානය සමඟ ඇගේ ඇති එකම සම්බන්ධය වන්නේ ඇගේ ඥාතීන් ඉරානයේ සිටීම පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නමුත් බහ්රේයා ලෙට්නස් ඉරාන චරපුරුෂයන් සමඟ සම්බන්ධකම් පවත්වන බවට නෝර්වේ බුද්ධි අංශ සැක පළ කරනවා. මේ නිසාම ඇය සිදු කරන කටයුතු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ද නොර්වේ බුද්ධි අංශ පවසා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2018 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්