fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලනයට එනවද? නැද්ද? සංගා මුහුණු පොතෙන් රටටම කියූ දේ මෙන්න…

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 16:38

දේශපාලනයට එනවද? නැද්ද? සංගා මුහුණු පොතෙන් රටටම කියූ දේ මෙන්න…

පසුගිය කාලයේ හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර එළඹෙන ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා දේශපාලනයට පිවිසෙන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතාබහට ලක් වුණා.

කෙසේ නමුත් තමා කෙදිනකවත් දේශපාලනයට නොපැමිණෙන බවත් ඒ සඳහා කිසිදු කැමැත්තක් නොමැති බවත් ඔහු පවසා තිබුණා.

සිය ෆේස්බුක් ගිණුමට ඊයේ ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තමා දේශපාලනයට පැමිණීමට නියමිත බවට වාර්තාවන තොරතුරු පිළිබඳව තමා උනන්දුවූ බවයි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුව සිය පළමු අවධානය තමන් වෙනුවෙන් වසර ගණනාවක් කැප කළ පවුල වෙනුවෙන් පූර්ණ වශයෙන් යොදවා ඇති  බවද ඔහු සඳහන් කර තිබුණා.

තමන්ට කිසිම ආකාරයක දේශපාලන උනන්දුවක් නොමැති බවත් දේශපාලනය හා ජනතා සේවය ඉතාමත් වගකීමෙන් කළ යුතු බවත් ඔහු සිය සටහනේ පෙන්වා දී තිබුණා.

 

.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 16:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්