මහනුවර මහ රෝහල සිදුකළ පළමු අක්මා බද්ද සැත්කම සාර්ථක වී තිබෙනවා. අක්මාව ආශ්‍රිතව සිරෝසියස් රෝගී තත්වය හා පිළිකා රෝගී තත්වයෙන් පෙලුණු අසාධ්‍ය රෝගියෙකුගේ ජීවිතය එම සැත්කමෙන් බේරාගැනීමට හැකිවූ බවයි රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සදහන් කළේ. හදිසි අනතුරක් හේතුවෙන් මොලය මියගිය 37 හැවිරිදි පුද්ගලයෙකුගේ අක්මාවක් මෙසේ සාර්ථකව බද්දකර තිබෙනවා. සැත්කම සාර්ථකවීමත් සමග ඉදිරියේදී ද මහනුවර මහ රෝහලේ අක්මා බද්ද ශල්‍යකර්ම සිදුකිරීමට පියවර ගන්නා බවයි රෝහල් අධ්යක්ෂ සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/Hospital..jpg”]