fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සූරියවැව ගම්මාන කිහිපයක උණුසුම් තත්ත්වයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 15:03

සූරියවැව ගම්මාන කිහිපයක උණුසුම් තත්ත්වයක්

සූරියවැව ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට විදුලිය විසන්ධි වී පැවතීමත් සමග ජනතාව අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.  කෙසේ වෙතත් මේ වන විට ප්‍රදේශයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සූරියවැව අඩි 100 මාර්ගය ආසන්නයේ පිහිටි නිවසකට ටිපර් රථයකින් කළු ගල් බෑමේදී සිදු වූ අනතුරකින් විදුලි රැහැන් කණු හතරකට අලාභහානි සිදුව තිබෙනවා. මේ සමග විදුලි රැහැන් කඩා වැටීමෙන් ප්‍රදේශයේ ගම්මාන රැසක පවුල් දහසකට පමණ විදුලිය විසන්ධි වූ බවයි වාර්තා වු‍ණේ. විදුලිය යළි යථා තත්ත්වයට පත් කිරීමට විදුලි  ඉංජිනේරුවරුන් පැමිණි අවස්ථාවේ අඩි සියය මාර්ගයේ වන්දි අහිමි වූ පිරිසක් ඊට විරෝධය පළ කර තිබෙනවා. මේ අතර විදුලිය නොමැතිකම හේතුවෙන් පීඩාවට පත් තවත් පිරිසක් සූරියවැව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය ඉදිරිපිටට පැමිණ නිලධාරීන්ට විරෝධය පළ කළා.

මෙම ස්ථානයට පැමිණි දකුණු පළාත් සභා මන්ත්‍රී සුජිත් මුතුකුමාරණ මහතාගේ මැදිහත්වීමෙන් පැවති උණුසුම්කාරී තත්ත්වය පාලනය කෙරුණා. ‍

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 14, 2018 15:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්