නව තැපැල්පතිවරයා ලෙස පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් යූ ඩී රංජිත් ආරියරත්න මහතා පත්කර තිබෙනවා. ඒ මීට පෙර තැපැල්පති ධුරයේ කටයුතු කළ රෝහණ අබේරත්න මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුව හේතුවෙන්. නව පත්කිරිම අද (14) සිට ක්‍රියාත්මක බවයි තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ එච් එම් හලීම් මහතා සදහන් කළේ.