ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය සංවිධානය කළ ජාත්‍යන්තර කෘෂිකර්ම පර්යේෂණ සමුළුව ඊයේ ආරම්භ වුණා. කෘෂිකර්මාන්තය ආශ්රිත නව සොයා ගැනීම් මගින් ගොවි ආදායම දෙගුණ කිරීම තේමා කරගනිමිනුයි මෙම සමුළුව පැවැත්වෙන්නේ. දේශීය, විදේශීය කෘෂිකර්ම පර්යේෂණ පත්‍රිකා 150 ක් පමණ සමුළුවේදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.
ජාත්‍යන්තර සහාය පරීක්ෂණ ආයතනයේ ආචාර්ය ජීන් බැලී මහතායි සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වුවේ. අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහත්වරුන් සහ විද්වතුන් රැසක් සමුළුව සදහා එක්ව සිටියා. සමුළුව අවසානයේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පල කළා.
අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=lipu3eiYIYk&feature=youtu.be”]